Posts

Showing posts from November, 2022

6. සෘද්ධිය ලබාගනිමු

Image
  6. සෘ ද්ධිය ලබාගනිමු  (ප්‍රධාන ලිපිය-  නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු ) සියලු සූත්‍රවල දේශනාවන පරිදි සිව් සෘද්ධිපාදයන් වැඩීම මගින් නොයෙක් සෘද්ධි කොටස් ලැබීම හා නිර්වාණය ලැබීම යන කරුණු 2ම සිදුවන බව බුදුන් විසින්ම දේශනා කර ඇත.  එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන අයෙකුට අවශ්‍යනම් සෘද්ධි පාදයෝ වෙත සම්මා වායාම, සම්මා සති පවත්වා ලබන්නා වූ සම්මා සමාධිය උපයෝගී කරගෙන කෙලෙසුන්ගෙන් මිදීම මෙන්ම සෘද්ධි කොටස් අනුභව කිරීමද කල හැක.  [ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉද්ධිපාද සංයුක්තය - පාසාදකම්පන වර්ගය - භාවනා සූත්‍රය] සෘද්ධි වැඩීමට පෙර විශේෂයෙන්ම දතයුත්තක් තිබේද ? සිත ප්‍රභාස්වර වූ කල්හි සෘද්ධි කොටස් වැලඳීමට යමෙක් කැමති වන්නේ නම් එසේ කල හැකිය. නමුත් එහි මෙසේද ඇත. ” මෙහි පෙය්‍යාල මුඛයෙන් ෂඩභිඤා චිත්තය දතයුතුය ” [සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ලෝණඵල වර්ගය - නිමිත්ත සූත්‍රය] එසේම සෘද්ධිය වැඩීමට තමා සතුව තියුනු සමාධීන් එනම් ධ්‍යානයන් පැවතිය යුතුය.  [සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ලෝණඵල වර්ගය - පංසුධොවක සූත්‍රය] සෘද්ධීන් පිළිබඳව දත යුතු මූලිකම