1. සලායතන - සෝවාන් වීම පිණිස
1. සලායතන හෙවත් ආයතන 6 (ප්‍රධාන ලිපිය - නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු ) සත්වයා නිරතුරුවම තමා සතුව පවතින බාහිරට විවෘත වූ දොරටු 6ක් යොදාගනිමින් ලෝකය තුල පවතින විවිධ වූ දෑ හඳුනාගැනීම සිදුකරනු ලබයි. මේ දොරටු 6 ඒ ඒ දොරටුවට සුවිශේෂිත වූ කාර්යභාරයන් වල නියැලෙන බැවින් ඒවාට ආයතන යැයි ව්‍යවහාර කරනු ලැබේ. මෙම ආයතන 6ට සලායතන යැයි කියනු ලැබේ. 1. ඇස ඇස යනු දර්ශනය වන රූපයන්, විඤ්ඤාණය මගින් දැනගැනීම පිණිස සිත කරා යොමු කරවනු ලබන දොරටුවයි. මෙහිදී ඇස මගින් දකින රූපය වෙතට සත්වයාගේ අවධානය යැවීම සිදුවේ. එවිට එකී දර්ශනය අරඹයා සිතන ලද බවක් එනම් චේතනාවක් හටගනී. චේනතාව නිසා ඇස කෙරෙහි ඉලක්කගත වූ සිතක් උපදීම සිදුවේ. මේ උපදින සිත මගින් දකිනු ලැබූ රූපය දැනගැනීම සිදුකරයි. * දැනගැනීම ලබාදෙන සිතට විඤ්ඤාණය යැයි කියනු ලැබේ. එබැවින් ඇස හරහා රූපය දැනගත් සිතට චක්ඛු විඤ්ඤාණය යැයි කියනු ලැබේ. * යම් අරමුණක් අරඹයා ඇතිවන්නේ හුදෙකලා වූ තනි සිතක් නොවේ. ඒ අරමුණ සමඟ බද්ද වූ එකකට එකක් සම්බන්ධ වනසේ පරම්පරාණුගතව උපදින සිත් දාමයක් උපදීම සිදුවේ. මේ සිත් දාමයට චිත්ත වීතියක් යැයි කියනු ල...
Comments
Post a Comment