Posts

3. පටිච්ච සමුප්පාදය - සෝවාන් වීම පිණිස

Image
  3. පටිච්ච සමුප්පාදය (ප්‍රධාන ලිපිය-   නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු   ) මෙය තරමක් ගැඹුරු කොටසක් බැවින් මෙය අධ්‍යනයට පෙර  සලායතන  හා  පංච ස්කන්ධය පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගන්න . රහතන් නොවූ සියලු සත්වයෝ තෘෂ්ණාව නම් දැවැන්ත බන්ධනය මගින්ද, අවිද්‍යාව නම් දැඩි අන්ධකාරය මගින්ද සංසාරය නම් වූ දුක් ගින්න තුලට කොටු කර තිබේ.  නිදහස්ව යා නොහැකි වනසේ මහා අන්ධකාරයක් මධ්‍යයෙහි දම්වැල් යොදා තම දෙපා අගුලු දමා, නොයෙකුත් පීඩා වලට ලක් වෙමින්, තම දෙපා පාමුල පවතින අගුලු හැරිය හැකි යතුරද නොදකිමින් සිටින මිනිසෙකු යන්න "සංසාරය තුල දුක් විඳින සත්වයාට උපමා කල හැකිය". එහි මහා අන්ධකාරය යනු අවිද්‍යාවයි. දෙපා ගැට ගසා තිබීම යනු තෘෂ්ණා බන්ධනයයි. අන්ධකාරය මගින් වැසීගිය තම දෙපා පාමුලම පවතින යතුර යනු ධර්මයයි.  යම් කලෙක තමා මේ විඳිනා දුකින් එතෙර විය යුතු යැයි ලෙසට අවබෝධ කරන මිනිසා යම්සේ අඳුරේ වටපිටාව අතපත ගා පිහිටට යමක් සොයන්නේද, එවිට තම දෙපා පාමුලම වූ අගුලු ලිහන යතුර සොයාගන්නේය. එවිට ඔහු තමා බැඳ ඇති බැමුම් ලිහා අඳුරෙන් අලෝකය දෙසට ගමන් කර අවසානයේ නිදහසෙන් හා සැපයෙන් පිරුණු අලෝකමත් වූ මනරම් භූමියකට පැ