මං ඉපදෙන්න කලින් මං හිටපු තැනක් තියනවනම්..........

                                        මම ජීවත් උනා දැං මම දන්නෙවත් නැති තැනක !



                 මං කැමතී පෙර භවයක මට සිද්ද උන මට දැං මතක දේවල්  පුලුවං තරම් කෙටියෙන් ඔයාලට කියන්න…ඊට කලින් මං කියන්න යන දේ  ගැනත් දෙයක් කියන්න ඕන.
මං ලඟ මං මේ ලෝකෙ ඔයාල වගේ සාමාජිකයෙක් වෙන්න කලින් ඒ කියන්නෙ මගෙ උපතට කලින් මං හිටිය  තැන් මට උන දේවල් ගැන මතකයක් තියනවා..ඒත් මේක අර අනිත් අයට තියන වගේ පුනරුප්පත්ති කතාවක් නම් නෙමෙයි .

මේකට  සමහර අය කියනවා අන්තරාභවය කියලත්(The Intermission Period)..ඒත් මට මෙච්චර කාලයකට මේ ලෝකෙ කොහෙන්වත් මගෙ වගේ මතකයක් තියන කෙනෙක් හම්බුවුනේ නම් නෑ..ඒත් මං හිතනවා මට කවදා හරි අඩුම ගානෙ ඒ මතක ඉතුරු උන එක්කෙනෙක් වත් හම්බවෙයි කියලා.මොකද කිව්වොත් එතන මම හිටියෙ තනියෙම නෙමෙයි.මේ ලෝකෙ මම වගේ තවත් ගොඩාක් අයත් එතන හිටියා..සමහර විට මේක කියවන ඔයත් එදා එතන හිටපු කෙනෙක්ද දන්නෑ..ඒත් එහම ඒ වදේ මතකයක් තියන අය නෑමත් නෙමෙයි. මට හම්බු උන අයට සමහර අන්තරාභව මතකයන් තියනවා ඒත් ඒවා මේ ලෝකෙත්  එක්ක ඍජුවම සම්බන්ධ ඒවා..ඒත් මට තියෙන්නෙ  මේ  ලෝකෙ  පැවැත්මෙන්  හාත්පසින්ම වෙනස් අවස්තාවක මතකයක්…
අනිත් කියන්නම  ඕනි දේ  තමයි මගෙ  මතකයන් දැන් මගෙන් ටිකෙන් ටික අමතක වෙමින් ඈතට යනවා. ඒත් මට මතකයි දැං වගේ  නෙමෙයි, මට පොඩිකාලෙ  දේවල්  ගැන ගොඩක් සංවේදි  මතකයක් තිබුනා.ඒවගේම මට ඒ මතකයන් අනුපිලිවලට වුනා කියල  මතකයක් නෑ.කඩින් කඩ ලැබෙන මතකයන් විතරයි මට තියෙන්නේ.වෙන විදියකින් කිව්වොත් මං ඔයාලට කියන මේ කතාවට  (Rf Story) තියෙන්නේ මම හදපු ව්‍යාජ  පිලිවෙලක් විතරයි.ඒවගේම සමහර පිංතූර දිහා හරි සමහර music අහනකොට හරි  මාව ඉබේම  මතක අතරට අරන් යනවා.ඒත් මට ඒවා තුල  වැඩි වෙලාවක් රැදී ඉන්න ලැබෙන්නෑ.ඒවගේම මම ඔයාලගෙන් ගොඩක් ඕනෑකමින් ඉල්ලනව මේ  දේ  දවසක ඔයාටත් උනා ඒවගේම නැවත නැවතත් ඔයාලට මේක අත්විඳින්න ලැබෙනවා කියන එක ගැන විස්වාසයක් තියාගන්න කියලා..මට මතකයි මං පොඩි කාලෙදි මට මේ  දේවල් වල මතකයන් මගෙ ලඟට එනකොට ඒවා වචන වලින් විස්තර කරලා මේ ලෝකෙ  කාට හරි අඩුම ගානෙ  අපෙ  අම්මටවත් කියාගන්ඩ බැරුව මං අඬපු තරම්..තවමත් වෙනසක් නෑ..ඒ සුන්දර පුදුමාකාර මතකෙන් නැවත වතාවක් හෝ මගෙ ලඟට ඒ එන විදියට පැමිනියොත්ත් මම ආදටත් හිත යටින් ඒක දරාගන්න බැරුව ගොඩාක් අඬනවා මොකද ඒ වෙලාවෙදි මම ජීවත් වෙන්නෙ ඒ ලෝකෙ ගෙවුනු ජීවිතයේ නිසා…හරි අපි පටන් ගම්මු එහෙනම්…




01)


 හිතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් නිදහසක්.!.ඒකට මන් කැමතීයි ඒත් මන් දන්නෑ මොකුත් ඒ ඇයි කියලා …මට මංවිසින් කරන පාලනයක් තියනවා කියලා දැනෙන්නෙත් නෑ..ඒත් දැං(මතකයට අදාල මොහොතේ ) මට සිද්දදවෙන දේ නම්  ජීවිත කාලෙදි කවරදාකවත්ම සිද්ද නොවුන දෙයක්.ඒ වදේම යම් අවස්ථාවක මාව සෙමින් ඉහල යමින් තිබුනා.මට මතක නෑ මම මගෙ දිහා බලන්න උත්සහවත් කලාද කියලවත් .මං පෞද්ගලිකව විස්වාස කරනව ඒ මං මැරිල මුල්ම වතාවට ශරීරයෙන් පිටතට ගිය අවස්ථාව  ඒක කියලා.ඒත් ඒක මගෙ මතක වල මුලින්ම සිදු උන දෙයක් කියල මට කොතනකවත්  ඉඟියක් නෑ.නිකන් මට එකපාරම මොකක් හරි හේතුවක් මත මතකෙට ආපු දෙයක් විතරයි.ඒවදේම මං කරපු අධ්‍යයන වලින්  මම දැනගත්තා මරණාසන්න අත්දැකීම් (Near Death Experiences) ලබපු ගොඩක් අය මුලින්ම ඒවගේ අවස්තාවක් ගැන කියනවා කියලා .ඒවගේම ඊට පස්සෙ සිදුවන මට කවදාවත් මතක් වෙලා නැති ගොඩාක් සිදුවීම් ගැනත් ඒ අත්දැකීම් ලබපු  එයාලා  කියල තියනවා..ඒත් ඒවා කියවනකොට මටත් නිකන් එහෙම උනාවගේ  අමුතු සියුම් මතකෙකුත් ඇතිවෙනවා.




02)


 මට මතක් උනා මං ගොඩාක් වේගයෙන්  ආකාසෙ පුරා ඇදීයමින් ගස් වැල් හරහා ඉතා වේගයෙන්  ඇදී යමින් සිදු කරපු චලිතයක්.ඒත් මේ දේ  කවදාවත් මං  අහල නෑ අනිත් අයගෙන්.ඒ වේගයෙන්  ගමන් කරද්දි පුදුම ආස්වාදයක් දැනෙන්නේ .ඒවගේම මට විවිධ අවස්තාවල මේ  චලිතෙ මම සිද්ද කරපු මතකයන් ඇවිත් තියනවා. සමහර ඒවෑ මගෙත් එක්ක තව යාලුවො ගොඩක් හිටියා  ඒවා. සමහර ඒවෑ මන්දාරම් අඳුරක අපි ගොඩක් විදනෝද වෙන අවස්තා.ආදරෙ කියන හැඟීම දෝරගලාගෙන යනවා. මිතුදම,විස්වාසය ,එකිදනකා සමග බැඳීම,ආස්වාදය, සොඳුරුබව, එකමුතුකම හා නිදහස…මේ වගේ  පුදුමාකර දේවල් දනෙන මොහොතක අපි හිටිදේ..ආකසෙ පුරා ඒ මේ අත ඉතා වේගයන්  ගියා ..කවදාකවමත් අත්විඳිය  නොහැකි තද ආලෝකයක් තිබුන් නෑ..හැම දෙයක්ම ගොඩක් සුන්දරයි. ඒත් අද මට ඒ මතකෙ අත්විඳින්න ලැබෙන ඕනම මොහොතක මං හිතින් ගොඩක් අඬනවා.ඒ හැම දෙයක්ම මට නැතිදවලා ,මං තනිදවලා කවුරුත් මං දිහා බලලා මාව තේරුම් ගන්නැති ලෝකෙක කියලා දැනෙනවා. මුල්ම වතාවට Harry Potter චිත්‍රපට මාලාවෙන් මට ආයිත් වතාවක් වසර ගානකට පස්සෙ  මතකයන් අතරට ගිහින් මේ  මතකෙ සමරන්න අවස්තාවක් අරන් දුන්නා.ඒකෙන් ලැබුන දර්ශනපෙල වගේම සංගීතෙ මට ඒකට උදව් උනා.





03)



 තවත් මට තදින්ම දැනෙන වගේම  ඉතා සංවේදී  මතකයක් තමයි මම ජීවත් උනා මොකක් හරි ආරම්භයක. මට දැනෙනවා ඒ මං නිර්මාණය වෙමින්  පවතිනවා කියලා. මට දැනෙනවා ඒ මේ පෘථිවියේ  ආරම්භය  කියලත්. ඒත් වැදගත්ම දේ  තමයි මට කවදාවත් දැනිල නෑ එතන මාත් එක්ක මගෙ  යාලුවො කවුරුත් හිටිය  කියලා.ඒක මහම මහ පාලු ලෝකයක්. අලුත් පිරිසිදු ජලය ,නැවුම් ආකාසය  ,තවත් ඒවෑ අඳුරු ගොම්මන් ආකාසය ,දීප්තිමත් වර්ණවත් අමුතු දේවල් ,දරාගන්න බැරි තරම් සීතල, මහ වැස්ස, සුදුම සුදු අයිස් පිරුණු
පරිසරයක්….ඒ මතකෙ මට ලැබෙන හැම වෙලාවකම මට දැනෙන මූලිකම දේ  තමයි මං හැමදේම  හැරදාල ලොකු ගමනක ඈතට යනව කියන එක. Titanic චිත්‍රපටය තුල මේ  ප්‍රභල මතකය  තුලට නැවතත් යන්න  මට අවස්තාවක් තදින්ම ලැබුනා. මං මීට අවුරුදු 7 කට විතර කලින් ලියපු Rf Story එකේ  “මංදාරම් වැහි වැටෙනා”  ගීතය  ලිව්වේ  මෙවැනි අවස්තාවක් පදනම් කරගෙන.ඒ මතකය ලැබෙන මොහොතෙදි  මට සියලු දේ අවසානවෙලා මං යන ගමනක් කියන එක, පාලු තනිකම් බව, දුක , ඊලඟට එලඹෙන දේ මොකද්ද කියන කුතුහලය  මගෙ ලඟ තිබුනා …ඒත් මට මතකයි එවලෙ  ඒ සීතලෙන්, තනිකමින් මාව බේරගෙන  මාව උණුහුම් කරපු බලවේගයක්  නිර්මාණය  උනා කියලා. මම දැක්කෙ නෑ  ඒත් පැහැදිලිවම මට මතකයි ඒ බලවේගෙ අපේ අම්මගෙන් මට ලැබුන ආදරය කියලා. ඒත් අනිත් කිසිම මතකයක  මට ඒක ලැබිල, දැනිලා නෑ. ඒනිසයි මං ඒ සිදුවීම අවසාන කොටසක් විදියට මං ලියපු කතාවට එකතු කලේ.





04)



තවත් ඒවගේම මතකයක් තියනවා. ඒත් ඒක 03) වෙනි කොටසෙන් වෙනස් වන ආකරයක් තියනවා. ඒක අර වගේ  නැවුම්  අලුත් දෙයක් බිහිවෙන අවස්ථාවක නෙමෙයි.මේ මතකයේදී මට මාව වගේම ලෝකය  දැනුනෙ හරියට කල්පාන්තය උදාවීගෙන යනවා වගේ. හැම දේකම අවසානය  උදාදවෙමින් තිබුනා .ඒත් මෙතනදි මම හිටියෙ  තනියෙම කියලා මට හරියටම කියන්න ප්‍රභල සාක්ෂි නෑ. තවත් අය  හිටපු අවස්තා තියනවා. මේ වෙලාවෙ  දැනුනු හැඟීම් ඔයාලට තේරුම් ගන්න ලේසි  වෙයි. හරියටම කිව්වොත් හිතන්නකො ඔයාලට දැනගන්න ලැබෙනවා  තව දවස් කීපයකින් මේ  ලෝකෙ අවසානයක්  කරා ඇදී යනවා, ලෝකෙ විනාසවෙලා යනවා කියලා ආරන්චියක්..  ! එතකොට ඔයාගෙයි වටේ  ඉන්න අනිත් මිනිස්සුනුයි අතරෙ ගනුදෙනුව මොන වගේ වෙයිද..??   හිතන්න පුලුවන්ද …???  මම කිව්වොත් ඒ මතකෙ තුල මේ වගේ  ගනුදෙනුවක්  තිබුනේ කියලා.!  අපි හැමෝම ගොඩාක් දුක් උනා අපේ වෙන්වීම මෑත කාලයේදී සිදුවෙන එක ගැන. අපි හැමෝම අතරෙ  වෙනදටත් වඩා මිතුරුකමක්, ආදරයක් තිබුනා. අපි හිටියෙ එකාවන්ව කියන වචනෙට හොදම ප්‍රායෝගික  අරුත විදියට මම දකින්නෙ  ඒ මතකයයි . කවුරු කොහොම කිව්වත් මට විස්වාසයි මේ ලෝකෙ තුලදි කවදාවත් මටවත් කාටවත් බෑ ඒතරම් බැදීමකින් ජීවත් වෙන්න. ඒත් අපි එහෙම හිටියා...  අපි මිනිසුන් හැටියට නෙමෙයි, ඒක ආත්මයන්  හෝ  වෙනත් මොකක් හරි අවස්ථාවක් ………………….ඒ වගේම හිතන්නකො දැන් ඔයා ඉන්න තැන විනාස වෙන්න යන්නෙ කියල. එතකොට ඔයයි අනිත් අයයි කොහෙ හරි
ආරක්ෂාකාරී තැනකට ඉක්මනින්ම ඉවත් වෙලා යනවනි. ඒ යනකොට හැමෝම වේගයෙන්  දුවල, පැනලා යන්නේ  සීරීම්, තැලීම් වගේ ශරීරයට වන හානි පවා නොසලකමින්. අන්න ඒවගේ  මොකක් හරි සිදුවීමක් අපට උනා. ඒත් ඒ මොහොතෙත් අපි ලඟ විනෝදාත්මක හැඟීම් තිබුනේ හරියට පුංචි ලමයින් වගේ. අපි වේගයෙන්  දිවගියා . අපි අතර තිබුන සහයෝගය , බැදීම නම් කියල තේරුම්  කරන්න මම දන්නෑ. හැමෝම එකමුතුව කොහෙට හරි ඈතකට ගියා..... මට මතකයි ඒක දිගු ගමනක් උනා කියලා......මේ මතකය මාව අඬවපු තරම් අනන්තයි. මං ඒ මතකයට ගොඩාක් ආදරය කරනවා ඇති.. ඒ තමයි මට දැනුන විදියට මගෙ අන්තරාභවය තුල අපි හැමෝම එකට ජීවත් උන අවසාන කාලය .සමහරවිට අපි ඒක තේරුම් අරන් ජීවත් වෙන්නත් ඇති ..මේ වකවානුවට අදාලව මතක බොහොමයක් මට ලැබිල තියනවා. මං ඒව හැම එකක්ම මතක් කර කර මෙතන විස්තර කරන්න යන්නැහැ. ඒත් ඒ දිගු ගමන පටන් ගත්තෙ  කොහොමද, ඉවර උනේ කොහොමද කියල මට මතක නෑ. ඒත් Rf Story එකේ  මං ඒ ගැන මං විසින් බොරුවට ගොතපු ආරම්භයක් හා අවසානයක් තියනවා.මේ කාලෙ තුලත් වැස්ස, තද සීතල, අයිස් වගේ  දරාගන්න බැරි දේවල් එක්ක ගතකරපු කටුක නමුත් මතක් වනවිට ඉතාමත්ම සුන්දර වගේම දුක්බර මතකයක් මට තියනවා.මං නැවත නැවතත් කියන්නේ එතන අපි හිටියෙ හැමෝම පුදුමාකර සෙනෙහසකින්. මම දන්නෑ ඇයි ඒ සෙනෙහස මේ මනුෂ්ය ලෝකය තුල නැත්තෙ කියලා..!  එහෙදි නම් මෙහෙදි ඔයාලට වගේ දෙවිවරු, බුදුවරු අපිට හිටියෙ නැහැ. අවසානයෙන් බේරෙන්න බැරිකම ඇරුනම අනිත් හැම දෙයක්ම අපිට එහෙ තිබුනා කිසිම අඩුවක් නැතුව. මං පෞද්ගලිකව හිතන්නෙ සතුට, සෙනෙහස, නිදහස හා ප්‍රේමය පිරිනු ලෝකයකදි අපිට එතනින් එහා කිසිම දෙයක අවශ්‍යතාවයක් නැතිව ඇති කියලයි. මං අදටත් ගොඩක් ලොකු වෑයමක් කරනවා මේ ලෝක අතර සම්බන්ධය පෘථිවියේ මිනිසුන්ට ලබා දෙන්න. එහෙම උනොත් අපේ  මේ ලෝකයත් ගොඩාක් සුන්දර තැනක් වෙයි.ඒත් මට නිතරම හිතෙන්නේ ඒ වගේ සර්ව සම්පූර්න ලෝකයක් පැවතීමට ඉඩ ලැබෙන එකක් නෑ කියලයි .ඒ වගේම මගෙ හැම මතකයකින්ම මට කියන්න පුලුවන් එක දෙයක් තමයි එහෙම සුන්දර ලෝකෙක
පැවැත්මක කිසිඳු අවශ්‍යතාවක් නැහැ කියන එකයි .ලෝක අතර ගමනෙදි ශරීරයට විතරක් නෙමෙයි හැඟීම්, දැනීම් වලටද සිද්දවෙන වෙනසත් එක්ක මට කිව්ව හැකි මේ නිර්මාණය තුල හොද හෝ නරක කියල කිසිම දෙයක් නැහැ කියලත්...... ඒ නිසා දම් පුදුමකාර නිර්මාණය තුලින් ඉවත්වීමට අවශ්‍ය ගතහැකි දැනුමක් වේ නම් එයද  Rf Story එක තුලින් ලබාගන්න ඔබ ලඟ තියන මමත්වය  නැති කරන්න කියන ඉල්ලීම කරන එකත් විතරයි…..නැතිනම් මමත්වය ඇති තාක් කල් වෙනත් කෙනෙකුගෙ දැනුමක් භාවිතා කිරීමට මම,ඔබ,අප සැම අකමැතියි කියලත් අමතක කරන්න එපා...............................!!!!!




05)

තවත් මතකයක්  තියනවා ඒත් මේක  නම් මේ  ලෝකෙත් එක්ක කෙලින්ම සම්බන්ධයි. මේ මතකයේදි තමයි නිකමට හරි ඩිංගක් හරි මේ ලෝකෙ  ඉන්න කවුරු හරි කෙනෙක්ව මට විශේෂ කෙනෙක් විදිහට පෙනෙන්නේ. ඒත් මේ මතකයේ ඉන්න හැමෝම මගෙ ගමේ යාලුවොයි, අපේ අයියයි, අක්කයි, අම්මයි තාත්තයි.. ඒක එහෙම උනත් මං ඉගනගත්ත විශ්වවිද්‍යාලයේදී දැකපු වෙන කෙනෙකුත් මේ මතකයේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙනවා. තවත් දෙයක් තමයි මට හරියටම මේ මතකය මේ ලෝකෙත් එක්ක සම්බන්ධ නොවන්නේ කොහොමද කියල තේරුම් ගන්න අමාරුයි. ඒක මම Rf story 1 ට එකතු කලේ අන්තරාභවය  තුල අපි මේ ලෝකෙ  සංචාරයට පැමිණෙනව කිලයයි.ඒත් මම දන්නෑ ඒ ඒකමද කියලවත්. මේ ජවනිකාව තුල මට දැනෙන හැමෝටම මම මේ ලෝකයේදි ගොඩාක් ආදරෙයි. මොකද මට තවමත් මතකයි අපි අතරෙ තිබුන බැඳීම.. මේ කොටසෙ  මතක වල මම යාලුවොත් එක්ක ගම තුල හැමතැනම,ආකාසෙ පුරාම, ගඟ ඉස් මතින් වේගයෙන් ඉතාමත්ම වේගයෙන් පියාඹගෙන  මෙන් ඇදී ගියා. සෙල්ලම් කලා. ඉතාමත්ම නැවුම් බවක් පරිසරය  ඉසිලුවේ. කාන්තිමත් ඇදහිය  නොහැකි තරම් ගස් වැල් වල ක්‍රියාකාරීත්වය අපත් සමඟ වූ බැදීම, ජලය තුල නැවුම් පෙන කැටි, සීතල සුලඟ ,දීප්තිමත් ලා රන් පැහැ හිරුකිරන අපව ආස්වාදයට පත්කලා. ඒවගේම මේ මතකය මතක් වෙනකොට මට කිසිම දුකක් ඇති වෙන්නෑ. ඒ වෙනුවට ගමත් එක්ක ගමේ සියලුම මිනිස්සු එක්ක ඇතුලුව මිනිසුන් කියන මුලු සංහතියම එක්ක පිරිපුන් ආදරයක් ඇති වෙනවා.මේ මතකයන් සමහර Animation Cartoons තුලින් මට මතක් වෙලා තියනවා. ඇත්ත්තෙන්ම  කිව්වොත් ඒ බාහිර දෙයකින් (කාර්ටූන් තුලින්)  මට ලැබෙන්නෙ හැඟීමක් විතරයි. ඒත් ඒ හැඟීමත් එක්ක මම ඈත මතකයකට වේගයෙන් ගමන් කරනවා. මට හොඳ මතකයක් තියනවා ඒ වෙනකොට අපි දන්න දේවල් මේ ලෝකෙ  කිසිම කෙනෙක් දන්න දේවල් නෙමෙයි. අපි මේ විශ්වය සමග දැනට වඩා අත්දැකීම් වලින් හුඟක් සමීපඋනු අවදියක් ඒක..අපි හැමෝම මේ ලෝකෙට  ආදරය කලා. මේ කොටසෙ ජීවිතයෙදි අපි කලේ  පුදුමාකාර විවිද තැන් වලට ගමන් කරමින් විනෝද උන එකයි. අපේ  නිදහස අපරිමිත උනා. මම උත්සාහ කරනවා ඒ ලෝකෙ මතකය නැවත අරගන විශ්වය ගැන මම දන්න ඇත්ත මිනිසුන්ට කියන්න. ඒත් ඒක මට ගොඩක් අමාරු දෙයක්. අදටත් චිත්‍රපට වල ඇති අමුතු ලස්සන දේවල් දකිනකොට මට සමහර දේවල් මතක් වෙනවා.. අවසාන වශයෙන් මම මේ මතකවලින් කිව්වේ  "මම මේ ලෝකෙට ගොඩාක් ආදරෙයි, මම මනුශ්‍ය සංහතියටම ,පරිසරයට,සියලුම සත්ව සංහතියට ගොඩාක් ආදරෙයි"  කියන එකයි………….






06)


මට මතකයි මම තනියම වගේම තවත් අයත් එක්ක පවා රෑ අඳුරේ අන්ධකාරයේ  ගිය කාලයක්. ඇත්තටම කිව්වොත් කිසිම වෙනසක් නැතුව මට මේ මතක වලදි ඔය කියන හොල්මන්, අවතාර වගේ දේවල් එක්ක ලොකු බැඳීමක්, ආදරයක් ඇති වෙනවා.. ඒ මතකය තියන /ලැබෙන මොහොතක මම මේ ලෝකෙ කිසිම දෙයකට බය නැහැ කියන හැඟීම ඇතිවෙනවා. මහ රෑ සීතල සුලඟක් එන වෙලාවට /මහ වැස්සක/ හඳ පායල අමුතු ආලෝකයකින් මේ ලෝකයම වැහිලා යන වෙලාවට මට ලොකු නිදහසක් දැනෙනවා. ඒ අදුර අපේ…මට එහෙමයි ඒක දැනුනේ.






07)




 අන්තිමටම කිව්වොත් තවත් අමුතු ඒත් තේරුම්  ගන්න බැරි කොටසක් මගෙ  මතක වල තියනවා. අදටත් ඒක මට ප්‍රස්නයක්. මම ඒ මොකද්ද මට මතක් වෙන්නේ කියලා දන්නෑ. වෙලාවකට එතන පසුබිම නිකන් පාට පාට කේක්, අයිස් ක්‍රීම් වගේ  අමුතු තැනක්. හරියට සුරන්ගනා ලෝකයක් වගේ. එතන මට විස්තර කරන්න බහැ. තව වෙලාවකට එතන පසුබිමක් නෑ. එතන නිකන් භාවනාවක කේන්ද්‍රය කරලා වගේ අවස්තාවල් තියනවා…මේ පරිසරය තුල මම මොනවගේ  අවස්තාවක හිටියද කියලවත් මට තේරෙන් නෑ. මට මේ ලෝකෙ දැං මේ අපි දන්න කියන මූලධර්ම වලට අනුව කිසිම දෙයක් කරන්න බෑ. මම ඉන්නෙ හරියටම මෙතන කියල තැනක් නෑ. මගේ විශාලත්වය මම දන්නෑ..



මට මීට වඩා මතක ගැන කියන්න අමාරුයි. ඒත් මම ඒ මතකයන් වලට ගමන් කරනකොට මට දැං මේ කියාගන්න බැරි දේවල් ගොඩක් තේරෙනවා. මොකක හරි වෙනස් දෙයක මම ඉන්නවා කියන එක මට තේරෙනවා. ඒත් තත්පරයකටත් වඩා අඩු කාලයකදි මම අහපව් පියවි ලෝකට එන්නෙ ඒවා ගැන අවබෝධය මොකුත්ම නැතුව. මට එතනදි අවබෝධ වන දේ දිගටම රඳවගන්න බැහැ. ඒත් අමුතු නොහිතන යමක් අවබෝධ උනා කියන දැනීම විතරක් අන්තිමට මට ඉතුරු වෙනවා. මේක කියවපු ඔයාලට මම මට මේ මොහොතෙ මතක දේවල් ගැන කිසිම බොරුවක් කිව්වේ නෑ. කොහොම උනත් ඔයාලට මේ කතාවෙන් මොනව හරි තේරුම් ගියාද?. මට නම් මෙතුවක් කාලයකට ඒ කතාවෙන් මේ ලෝකෙ ගැන එක එක දේවල් තේරුම් ගිහින් තියනවා. ඒත් එක පාරම මේක කියවපු ඔයාලට සමහර විට මෙතුවක් කාලයකට මටවත් නොතේරුණු  අමුතුම පැත්තක් ගැන මොකක් හරි අවබෝධයක් ඇති වෙන්න පුලුවන් කියල මට විස්වාසයක් තියනවා . මොකද කිව්වොත් ඔයාලට මට වඩා  යමක් තේරුම් ගන්න පුලුවන් හැකියාවක් ඇති. මට තියෙන්නේ මතකයක් විතරයි, ඒත් මට ඔයාලට වගේ දෙයක් තේරුම් ගැනීමේ හැකියාවක් නැති වෙන්න ඉඩකඩ ඕනෙ තරම් තියනවා. අනික මේ ලෝකෙ කාට හරි එක දෙයක් ලැබෙනකොට තවත් දෙයකින් දුර්වල වෙනවා.. උත්සාහ  කරන්න මොකුත් මේ අසාමාන්‍යත්වය ගැන මොකුත් නොදන්න අනිත් අය වෙනුවෙන් දෙයක් කරලම සමුගැනීම සනිටුහන් කරන්න....





* මේ  තමයි අද මට මගෙ මතක ගැන පැහැදිලිව කියන්න පුලුවන් කෙටිම දේ. Rf story එක තුල මම මට මතක බොහොමයක් දේවල් විස්තරාත්මකව ලිව්වා. ඒ සමහර මතකයන් මට දැන් නැවත මතක් කරලා එහෙම මතකයක් මට තිබුනා කියලවත් තහවුරු කරගන්න බෑ. අනික මට, මට ඕන වෙලාවට මට ඕන මතක වලට යන්ඩ බහැ. ඒව ඉබේම මතක් වන දේවල්. කොහොමත් දවසක Rf story එක ඔයාට කියවන්න ලැබුනොත් ඒකෙන් ඔයාට ගොඩක් දේවල් තෝරල බේරල ගන්න වෙයි. මම කතාව ලස්සන වෙන්න ලියපු බොරු දේවල් වගේම අද වෙනකොට මටවත් මතක නැති ඒත් මට තිබුනු ඇත්ත මතකයන් ගොඩක් ඒකෙ අන්තර්ගත වෙනවා.  කතාවක් අත්දැකීමක් විදියට මේක දිහා බලන්න එපා. භව අතර කාලය තුල මම වගේම ඔයත් මේ හා සමාන අත්දැකීමක් අනිවාර්යෙන්ම දවසක ලබලා තියනවා…  ඇයි අපිව මේ නිර්මාණය තුලට ආවේ ..? ඒත් ඇයි ඒ මේ විදියට ..?  මේ අපේ නිර්මාණය හරිම ලස්සන පිලිවෙලකට ගමන් කරන දෙයක්.. අපි මේ කොහෙද ඉන්නෙ ? මොකටද මොකුත් නැති කියන හිස් බව නම් සංකල්පයකට මේ තරම් කොන්දේසි /පව් පින් එකතු වෙලා මෙහෙම ගමනක අපිව ධාවනය කරවන්නේ ..?? මේ නිර්මණයේ ධාවකයාට අපෙන් විය යුතු යුතුකම් අවශ්‍යතා මොනවාද…?  තවදුරටත් මේ අපිව නිර්මාණය  වුනු අපි යැයි නිශ්චිතව නොපවතින ශුන්‍යක් තුල ගමන් කිරීමට අවශ්‍ය දේ කුමක් වී තියේද.?  මගේ මතක අනුව අපිව වෙනස් අවස්තා හරහා විවිද ස්වරූපයෙන්  හුවමාරු කරමින් පවතී. ඒ ඒ ස්වරූප තුල ඊට උචිත වූ ආකරයකට අපි ජීවත් වෙයි.. නමුත් මම අපි යැයි ස්ථීර වූ ස්වරූපයක් නිර්මාණය තුල අපට දී නොමැත. සෑම ස්වරූපයකදීම  ඒ නියම අපි යැයි අපි සිතා වැඩ කරයි.. අප ලබන ඒ සෑම ස්වරූපකදීම අප සිටින උසස්ම ස්වරූපය එය යැයි අප සිතා සිටින ලෙසට මේ නිර්මාණය සූක්ෂමව කර ඇත්තේ ඇයි..? අප යනු අපේ දෙයක් නොවේ නම් අපට අවශ්‍ය විටක වත් නිර්මාණය තුලින් ඉවත්වීමට අපට ඉවත්වීමට සිතීමටවත් අවස්තාවක් ලබා නොදේද ?. කිසිදු ක්‍රියා පිලිවෙලක අපම විසින් නිර්මාණය කරගෙන සිදු කරනු ලබන කිසිදු අවස්තාවක් නොපවතී ..  තමන්ට මම  යන දෙය නොමැති වූ විට මුලු මහත් නිර්මාණයම අහෝසි වී යයි. සෑම භව ගමනකම අවසානයකට අප භාජනය උනා. එදා අපි එතන .. දැං අපි දමතන.. ඒත් ඇත්තටම අපි කව්ද, අපි කොතනද …….??? 



Comments

Popular posts from this blog

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

1. සලායතන - සෝවාන් වීම පිණිස

2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස