Posts

5. සෝවාන් වූ පසු - දස සංයෝජන ධර්ම ප්‍රහාණය

Image
  5. සෝවාන් වූ පසු - දස සංයෝජන දර්ම   (ප්‍රධාන ලිපිය-  නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු ) 01) සත්කාය දිට්ඨිය   ප්‍රධාන ලිපිය කියවා (හෝ වෙනත් අයුරකින්) සෝවාන් වන ධර්මය ඔබට මනා ලෙස අවබෝධ වූවා නම් සත්කාය දිට්ඨිය ඔබට දැන් නැත. එහිදී ඔබ විසින් පංච ස්කන්ධය තුල මමය, මගේය ලෙස ගත හැකි නිත්‍ය වූ ආත්මයක් නොපවතී යන්න අවබෝධ කරගන්නට ඇත. මේ පංච ස්කන්ධය පිළිබඳව නිවැරදි දෘෂ්ටියට පත්වීම තුලින් සත්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමයි. ඒ අනුව සත්කාය දිට්ඨිය පිළිබඳව විස්තරය පහත පරිදි යලිත් සවිස්තරව ප්‍රකාශ කල හැකිය.     තමාගේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය යන තමාගේ පංච ස්කන්ධය සමග බද්ධ වී පවතින ආත්මයක් පවතී යන ආත්මානු දිට්ඨිය සත්කාය දිට්ඨිය ලෙස හැඳින්වේ. සත්කාය දිට්ඨිය යන්නද මිත්‍යා දෘෂ්ටියක් වුවද දැඩි මිත්‍යා දෘෂ්ටි ඝණයට අයත් නොවේ. එනම් ලෝකය පිළිබඳව හොඳ අවබෝධයක් පවතින බුද්ධිමත් මිනිසුන්, දෙවියන් වැනි සත්වයනට පවා සත්කාය දිට්ඨිය පවතී. ඒ අනුව සියලු ලෝකවාසී සත්වයින්ගෙන් මගපල ලාභීන් හැර සෙසු සියල්ලන්ටම සත්කාය දිට්ඨිය පවතී.    බුදු, පසේ බුදු (ප්‍රත්‍යක බුද්ධ), රහතන්

Translated Special Words

Image
Reference for Foreigners   Four noble truths                                          - චතුරාර්ය සත්‍ය  The noble truth of the pain                            - දුක්ක ආර්‍ය සත්‍ය  The noble truth of the reason to the pain      - දුක්ක සමුදය ආර්‍ය සත්‍ය  The noble truth of the inhibition of the pain - දුක්ක නිරෝධ ආර්‍ය සත්‍ය  The noble truth of the inhibition way of the pain - දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍ය  Defilements      - කෙලෙස්  Craving             - තණ්හාව  Delight             - අභිනන්දනය (යමක් කෙරෙහි අතිශයින් සතුටු වීම) Greed / Greedy - ලෝභ  Lust                  - රාග  Hatred              - ද්වේශ  Aversion           - ක්‍රෝධය  Delusion           - මෝහය  Ignorance         -  අවිද්‍යාව  Absence of Greed - අලෝභය  Relic                     - ධාතුව  Indifferent            - උපේක්ෂාව  Anesthetic           - වේදනා රහිත Perfection         - පාරමිතාව  Beatitude          - පරිනිර්වාණය    Stages to E nlightenment  -නිර්වානයේ මාර්ග ඵල  ·