Posts

Main Post

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

Image
(මෙහි අන්තර්ගත සියලුම පින්තූර වල ගෞරවය ඒවායේ අයිතිකරුවන් සතුය) නිර්වානයේ ප‍්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම  සෝවාන් මගට පැමිණීමට සිත නොදෙන්නේ ඇයි ! බුදුන් යනු කවරෙක්ද ? මිනිසෙකු වේද ? දෙවියෙකු වේද ? කුමන හේතුවක් නිසා උන්වහන්සේට අප බුදුන් යැයි පවසන්නේද ? බුදුන් වහන්සේ ලෝක සත්ව වාසීන් උදෙසා කුමන කාරණයක් වදාළන්නේද ? උන්වහන්සේගේ ධර්මයේ පෙන්වාදීම කුමක් වේද ? බුදුන් වහන්සේ දේශනා කල ධර්මය නිසි අයුරින් අනුගමනය කිරීමට ලොව සිටින සත්වයින්ට හැකිද ? නොඑසේ නම් එකී ධර්මය පිළිපැද එහි ප්‍රථිඵල ගත හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක් වේද ? නැතහොත් බුදුන් විසින් පෙන්වා දුන් මාර්ගයේ ඵල නෙලාගත් සංඝයාන් වහන්සේලා ලොව සැබැවින්ම සිටින්නට ඇතිද ? යනාදී වශයෙන් බුද්ධ, ධම්ම, සංඝ කෙරෙහි ඔබට යම් යම් ගැටළු මතුවී තිබේද ? ඒ ආකාරයේ ගැටලු ඔබටත් පවතී නම් ඔබ පිළිබඳව දැඩිව විමසීමට මා නොම වෙහෙසෙමි. මක් නිසාද ඔබ නියත වශයෙන්ම යම් කලක ඔබගේ ගැටලු වලට විසඳුම් ලබාගන්නවා සහතිකය.                            එහෙත් බෞද්ධයන් ලෙස මෙලොව ඉපදෙන අප බහුතරයක් දෙනා ප්‍රඤාවට වඩා ශ්‍රද්ධාවට මුල්තැන දෙන්නන් වෙමු. එබැවින් බුදුන්,

6. සෘද්ධිය ලබාගනිමු

Image
  6. සෘ ද්ධිය ලබාගනිමු  (ප්‍රධාන ලිපිය-  නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු ) සියලු සූත්‍රවල දේශනාවන පරිදි සිව් සෘද්ධිපාදයන් වැඩීම මගින් නොයෙක් සෘද්ධි කොටස් ලැබීම හා නිර්වාණය ලැබීම යන කරුණු 2ම සිදුවන බව බුදුන් විසින්ම දේශනා කර ඇත.  එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන අයෙකුට අවශ්‍යනම් සෘද්ධි පාදයෝ වෙත සම්මා වායාම, සම්මා සති පවත්වා ලබන්නා වූ සම්මා සමාධිය උපයෝගී කරගෙන කෙලෙසුන්ගෙන් මිදීම මෙන්ම සෘද්ධි කොටස් අනුභව කිරීමද කල හැක.  [ත්‍රිපිටකය - සූත්‍ර පිටකය - සංයුත්ත නිකාය - මහා වර්ගය - ඉද්ධිපාද සංයුක්තය - පාසාදකම්පන වර්ගය - භාවනා සූත්‍රය] සෘද්ධි වැඩීමට පෙර විශේෂයෙන්ම දතයුත්තක් තිබේද ? සිත ප්‍රභාස්වර වූ කල්හි සෘද්ධි කොටස් වැලඳීමට යමෙක් කැමති වන්නේ නම් එසේ කල හැකිය. නමුත් එහි මෙසේද ඇත. ” මෙහි පෙය්‍යාල මුඛයෙන් ෂඩභිඤා චිත්තය දතයුතුය ” [සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ලෝණඵල වර්ගය - නිමිත්ත සූත්‍රය] එසේම සෘද්ධිය වැඩීමට තමා සතුව තියුනු සමාධීන් එනම් ධ්‍යානයන් පැවතිය යුතුය.  [සූත්‍ර පිටකය - අංගුත්තර නිකාය - තික නිපාතය - ලෝණඵල වර්ගය - පංසුධොවක සූත්‍රය] සෘද්ධීන් පිළිබඳව දත යුතු මූලිකම

5. සෝවාන් වූ පසු - දස සංයෝජන ධර්ම ප්‍රහාණය

Image
  5. සෝවාන් වූ පසු - දස සංයෝජන දර්ම   (ප්‍රධාන ලිපිය-  නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු ) 01) සත්කාය දිට්ඨිය   ප්‍රධාන ලිපිය කියවා (හෝ වෙනත් අයුරකින්) සෝවාන් වන ධර්මය ඔබට මනා ලෙස අවබෝධ වූවා නම් සත්කාය දිට්ඨිය ඔබට දැන් නැත. එහිදී ඔබ විසින් පංච ස්කන්ධය තුල මමය, මගේය ලෙස ගත හැකි නිත්‍ය වූ ආත්මයක් නොපවතී යන්න අවබෝධ කරගන්නට ඇත. මේ පංච ස්කන්ධය පිළිබඳව නිවැරදි දෘෂ්ටියට පත්වීම තුලින් සත්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමයි. ඒ අනුව සත්කාය දිට්ඨිය පිළිබඳව විස්තරය පහත පරිදි යලිත් සවිස්තරව ප්‍රකාශ කල හැකිය.     තමාගේ රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඤා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය යන තමාගේ පංච ස්කන්ධය සමග බද්ධ වී පවතින ආත්මයක් පවතී යන ආත්මානු දිට්ඨිය සත්කාය දිට්ඨිය ලෙස හැඳින්වේ. සත්කාය දිට්ඨිය යන්නද මිත්‍යා දෘෂ්ටියක් වුවද දැඩි මිත්‍යා දෘෂ්ටි ඝණයට අයත් නොවේ. එනම් ලෝකය පිළිබඳව හොඳ අවබෝධයක් පවතින බුද්ධිමත් මිනිසුන්, දෙවියන් වැනි සත්වයනට පවා සත්කාය දිට්ඨිය පවතී. ඒ අනුව සියලු ලෝකවාසී සත්වයින්ගෙන් මගපල ලාභීන් හැර සෙසු සියල්ලන්ටම සත්කාය දිට්ඨිය පවතී.    බුදු, පසේ බුදු (ප්‍රත්‍යක බුද්ධ), රහතන්

Translated Special Words

Image
Reference for Foreigners   Four noble truths                                          - චතුරාර්ය සත්‍ය  The noble truth of the pain                            - දුක්ක ආර්‍ය සත්‍ය  The noble truth of the reason to the pain      - දුක්ක සමුදය ආර්‍ය සත්‍ය  The noble truth of the inhibition of the pain - දුක්ක නිරෝධ ආර්‍ය සත්‍ය  The noble truth of the inhibition way of the pain - දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍ය  Defilements      - කෙලෙස්  Craving             - තණ්හාව  Delight             - අභිනන්දනය (යමක් කෙරෙහි අතිශයින් සතුටු වීම) Greed / Greedy - ලෝභ  Lust                  - රාග  Hatred              - ද්වේශ  Aversion           - ක්‍රෝධය  Delusion           - මෝහය  Ignorance         -  අවිද්‍යාව  Absence of Greed - අලෝභය  Relic                     - ධාතුව  Indifferent            - උපේක්ෂාව  Anesthetic           - වේදනා රහිත Perfection         - පාරමිතාව  Beatitude          - පරිනිර්වාණය    Stages to E nlightenment  -නිර්වානයේ මාර්ග ඵල  ·